෴සොයාගැනීම සඳහා෴

Friday, 22 October 2010

කරදර ඉවසන්න බැරිනිසා මරා දැම්මා

සිය හාම්පුතාගේ ගෙළ මිරිකා මරා දැමීමේ සිද්දියට සම්බන්ද ජෝර්දාන් ගෘහ සේවීකාවක ලෙස සේවය කරන ශ්‍රී ලාංකික කාන්තාව ආදාළ සිදුවීම පිළිබඳව වරද පිළිගෙන ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සදහන් කරයි...

ජෝර්දානයේ ප්‍රෙට්‍රෝ ප්‍රදේශයේ නිවෙසෙක 52 හැවිරිදි හිමිකාරිය මෙලෙස මරාදමා ඇති අතර ඊට සම්බන්ද ඉංගිරිය ප්‍රදේශයේ පදිංචි කාන්තාව එරට පොලීසීය මගින් අත්අඩංගුවට ගෙන පරික්ෂණ සිදුකරන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අතිරේක සාමාන්‍යධිකාරී එල්.කේ.රුහුණුගේ මහතා පැවසීය.
මාස 4 ක කාළයක් වැටුප් නොගෙවීම,විවිධ හිරිහැරවලට ලක් කිරීම ඇතුළු විවිධ මත ෙභ්ද ඇතිවීම සහ මේ ශ්‍රී ලාංකික ගෘහ සේවීකාවට පහර දීමට උත්සාහ කීරීම ආදීය හේතුවෙන් ඇය විසින් අදාළ ගෙහෙමි කාන්තාව මරා දමනු ලබා තිබෙන අතර ඇය තොරතුරු ජෝර්දාන් පොලීසීය වෙත හෙළි කර තිබෙන බවද ඒ මහතා සඳහන් කළේය.මේ චෝදනාවට ලක්වී සිටින 19 හැවිරිදි ශ්‍රී ලාංකික  ගෘහ සේවීකාව සමඟ ජෝර්දානයේ අම්මාන් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපතී කාර්යාල් නිළධාරීන් සාකච්ජා කර ඇති අතර . අදාළ සිදුවීම සම්බන්ධයෙන් ඇයට අවශ්‍ය වන නීතීමය උපදෙස් ලබාදීමට සුදානම් බවද විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ  අතිරේක සාමාන්‍යාධිකාරවරයා කිවේය. මේ චෝදනාවට ලක්වූ ශ්‍රී ලාංකික කාන්තාව ගෘහ සේවය සඳහා ජෝර්දානයට ගොස් මාස 4 ක පමණ කාළයක් ගතවන බවට අනාවරණය කරගෙන ඇත් අතර. සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර පරීක්ෂණ ක්‍රීයාත්මක බව ද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

0 ප්‍රතිචාර:

Post a Comment


:a

:b

:c

:d

:e

:f

:g

:h

:i

:j

:k

:l

:m

:n

:o

:p

:q

:r

:s

:t

මුහුණු පොතේ යාලූවෝ සෙට් එක


^ ඉහළ යෑමට ක්ලික් කරන්න